ඖෂධ විසවෙලා 25ක් මැරිලා



මානසික රෝගීන් සඳහා වෛද්‍යවරුන් නියම කරන බෙහෙත් මත්ද්‍රව්‍යයන් ලෙස අධි මාත්‍රාවෙන් ලබා ගත් කුවේට් ජාතිකයින් සහ විදේශකයින් 25 දෙනෙකු එම බෙහෙත් විස වීමෙන් ජනවාරි මාසයේ සිට මේ දක්වා  ජීවිතක්ෂයට පත් වී ඇති බව Al Qabas පුවත්පත වාර්තා කළේය.

මියගිය පුද්ගලයින් 25 දෙනා අතුරින් 15 දෙනෙකු කුවේට් ජාතිකයින් වන අතර ඉතිරි පුද්ගලයින් විදේශිකයින් වේ.

21-30, 31-40, 41-50 යන වයස් කාණ්ඩයන්වලට අයත් පුද්ගලයින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

මත්කුඩු සහ කංසා වැනි මත්ද්‍රව්‍යන් අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන් මිය යන සංඛයාවද ඉහල ගොස් ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS