ඖෂධ වර්ග 11 විකිණීම අත්හිටුවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ භාවිතා කළ ඖෂධ වර්ග 11ක් විකිණීම අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

නිසි ප්‍රමීතීන්ගෙන් තොරව ඖෂධ නිෂ්පාදනය කිරීම හේතුවෙන් වෙළඳපොලෙන් ඉවත් කිරීමට එමිරේට්ස් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය නියෝග කර ඇත. 

අදාල ඖෂධ වර්ග 11 විකිණීම අත්හිටුවන ලෙසගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් සඳහා වන ජාත්‍යන්තර සෞඛ්‍ය සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැණුම් දී ඇත.

දියවැඩියාව,කැස්ස,ආම්ලිකතාවය,විෂාදය,කොලෙස්ටරෝල් වැනිරෝගවලින් පෙළෙන රෝගීන් සඳහා නියම කරනු ලබන ඖෂධ වර්ග 11ක් වේ.

අදාල ලැයිස්තුවට ඇතුළත් වන ඖෂධ වර්ග:

Biscorමිලිග්‍රෑම් 5සහ10;Cefutilමිලිග්‍රෑම් 500;Glymetමිලිග්‍රෑම් 500සහ 800;Nadine මිලිග්‍රෑම්150සහ 300;Simcorමිලිග්‍රෑම් 10සහ 20;Lukastමිලිග්‍රෑම් 10;Diostar Plus මිලිග්‍රෑම් 80සහ 160 ;Nevoticමිලිග්‍රෑම් 500;Citapramමිලිග්‍රෑම් 40.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS