ඕමාන් විදේශ ඇමතිට ඇමතුමක්



එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, රෙක්ස් ටීලර්සන් ඕමාන් විදේශ කටයුතු පිලිබඳඅමාත්‍ය, යසුෆ් බින් අලවි ට දුරකථන ඇමතුමක් ලබා දී ගල්ෆ් කලාපයේ දැනට පවතින තත්ත්වය පිළිබදව කරුණු විමසා ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

නායකයින් දෙදෙනා ගල්ෆ් කලාපයේ සහ යේමනයේ පවතින තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර සාකච්ඡා වු කරුණු සම්බන්ධයෙන් ඕමාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය.

කුවේට් අමීර්, ෂෙයික් ජැබර් අල් අහමඩ් අල් සබා ගල්ෆ්  අර්බුදය විසදීම සඳහා දරණ ලද උත්සහය සම්බන්ධයෙන් නායකයින් දෙදෙනා සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ගල්ෆ් කලාපයේ රටවල් වල ආරක්ෂාව, ස්ථාවරත්වය පවත්වා ගෙන යෑම සඳහා කටයුතු කරන සියළුම පාර්ශවයන්ට සහයෝගය දැක්වීම ඔවුන් දෙදෙනාගේ අපේක්ෂාව බව නායකයින් දෙදෙනා ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර ප්‍රජාවට සහයෝගය දැක්වීම ඕමානයේ රජයේ කාර්යභාරය බව ඕමානය විදේශ කටයුතු පිලිබඳඅමාත්‍යවරයා අවධාරණය කළ අතර යේමනයේ පවතින තත්ත්වයට විසදුමක් සොයමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ප්‍රකාශ කළේය.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                  

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS