ඕමානයේ දික්කසාද වැඩි වෙලා !



ඕමානයේ විවාහක ජෝඩු 10 ක් පමණ  දිනකට දික්කසාද වන බව එරට සමාජ සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත.

ආර්ථික හා සමාජීය අර්බුද සහ පවුලේ නෑදෑයින් ගේත් අනවශ්‍ය බලපෑම මත මෙලෙස දිනකට මෙලෙස විවාහක ජෝඩු රැසක් දික්කසාදයට පෙළඹී ඇතැයි ඕමාන අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මීට අමතරය 2016 වසරේදී පමණක් 3736 ක් දික්කසාද නඩු එරට අධිකරණය හමුවේ විභාග වී ඇති බවත් ,එම අමාත්‍යාංශය සදහන් කර සිටී.2015 වසරේදී දික්කසාද සිද්ධීන් 3619 ක් වාර්තා වී ඇති අතර එම වසර හා සැසඳීමේදී 2016 වසරේ දික්කසාද වීම වර්ධනය වී ඇතැයි ඕමාන අධිකරණ අමාත්‍යාංශය කියා සිටී.

මෙලෙස විවාහකයින් දික්කාසද වීම නිසා වසරකට ළමුන් 16,000කට අධික පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව බවද එරට අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දේ.

තිළිණි ද සිල්වා
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)


RECOMMEND POSTS