ඕමානයත් ඩ්‍රෝනා තහනම් කරයි



නියමුවන් රහිත සහ දුරස්ථ පාලක මඟීන් ක්‍රියා කරන ගුවන්යානා තහනම් කිරීමට ඕමාන් බලධාරීන් පියවර ගෙන ඇත.

පූර්ව අනුමැතියකින් තොරව ඩ්‍රෝනා භාවිතා කිරීම ඕමාන බලධාරීන් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

මඟී ගුවන් යානා තුල අවසරයකින් තොරව ආයුධ, පතොරම්, පුපුරණ ද්‍රව්‍ය හෝ උපද්‍රවකාරී භාණ්ඩ හෝ ගිනිගන්නා සුළු ද්‍රව්‍ය රැගෙන යෑම සිවිල් නීතියේ 27 වැනි වගන්තියෙන් තහනම් කර ඇත.

ලේසර්හෝ වෙනත් ආලෝකකිරණ ගුවන් යානා දෙසට එල්ල කිරීමද නීතියෙන් තහනම් කර ඇත.

පනවා ඇති නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට වසර 01 සිට 03 දක්වා කාල සීමාවක සිර දඩුවමක් සහ/හෝඕමාන් රියාල් 15,000සිට 50,000 දක්වා දඩ මුදලක් නියම කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS