ඕමානය නව ඩිජිටල් වීසා ක්‍රමයක්



ඕමානයට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා නව ඩිජිටල් විසා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කළේය.

නව ඉ-සේවාව පිළිබඳව ඕමාන රාජකීය පොලීසියට අයත් නිල ටුව්ටර් සමාජ ජාල ගිණුම හරහා නිවේදනය කර ඇත.

ඕමානයට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් ww.evisa.rop.gov.om වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී තමන්ට ගැළපෙන විසා ක්‍රමයක් තෝරාගැනීමේ හැකියාව ඇත.

නව ක්‍රමය යටතේ සංචාරකයින්ටසහ ආයෝජකයින්ට පහසුවෙන් විසා ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර නව ක්‍රම හඳුන්වාදීම තුලින් ඕමාන් ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට ඕමාන බලධාරීන් කටයුතු කරමින් සිටින බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS