ඕමාන කාන්තාවන් වැඩියෙන් මරුට



මාරක රියඅනතුරු හේතුවෙන් සැලකිය යුතු ඕමාන් කාන්තාවන් පිරිසක්පසුගිය මාස කීපයේ දි මියගොස් ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් පුවත්පත වාර්තා කළේය.

මෙම වසරේ (2017) මාර්තු, අප්‍රේල්, මැයි යන මාසයන් වල සිදු වු මාරක රිය අනතුරු වලින් මිය ගිය ඕමාන් කාන්තාවන් සංඛ්‍යාව 36ක් වන බව ඕමාන් සංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානයමෑතකදී ඉදිරිපත් කරන ලද නවතම තොරතුරු අනුව පැහැදිලි වේ.

පසුගිය වසර මෙම කාල පරිච්ඡේදයේ දි  සිදු වූ මාරක අනතුරු වලින් මියගිය ඕමාන කාන්තාවන්ගේ සංඛ්‍යාව 23ක් වු බව එම වාර්තා වේ සඳහන් කර ඇත.   

මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 263 දෙනෙකු පසුගිය වසරේ දී මියගොස් ඇති අතර මෙම වසරේ දී 236ක් දක්වා අඩු වී ඇත.

මාරක රිය අනතුරු වලින් මියයන සමස්ථ පුද්ගල සංඛ්‍යාව 10%කින් පහළ ගොස් ඇති බව ඕමාන්සංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

මෙම වර්ෂයේ දිඕමානයේ සිදු වූ මාරක අනතුරු වලින් විදේශිකයින් 62 දෙදෙනෙකු මිය ගොස් ඇති අතර පසුගිය වසරේ දි එය 96ක් විය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS