ඕනෑ තරම් කිරි තියනවා



රාමදාන් මාසය තුල සමස්ථ ජනතාවට ලබාදීමට ප්‍රමාණවත් කිරි තොග තමන් සතුව පවතින බව කටාර් පශු සම්පත් අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව අල්-ජසීරා වෙබ් අඩවිය වාර්තා කළේය. 

නැවුම් කිරි සහ යෝගට් ටොන් 500ක් දිනකට නිෂ්පාදනය කිරීමටත් ඉතිරිය අපනයනය කිරීමටත් කටයුතු කරන බව පශු සම්පත් අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති, මෝටාස් අල්-කයියට් ප්‍රකාශ කළේය.

ගල්ෆ් කලාපයේ ප්‍රබල රටවල් කීපයක් කටාර් රාජ්‍යයට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් අත්හිටුවීමට 2017 වර්ෂයේ ජුනි මාසයේදි ගත් තීරණයෙන් පසුව රටක් ලෙස ස්වශක්තියෙන් නැගිටීමට කටාර් රාජ්‍යය වැඩකටයුතු කරමින් සිටින බව අල්-ජසීරා වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අල්-ජසීරා පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS