ඒඩන් නුවර ගුවන්තොට කුලීහේවායන්ගේ ග්‍රහණයට



යේමනයේ දරුණු ගැටුම්  මැද එරට ඒඩන් නුවර ගුවන්තොටුපොළක් එක්සත් අරාබි එමීරයේ කුලීහේවායින් පිරිසක් විසින් අත්පත් කරගනු ලැබ ඇතැයි වාර්තා වේ.

යේමනයේ හවුති ෂියා සටන්කාමීන්ට එරෙහිව සටන් සෞදි හමුදාව සටන් වදී. ඇතිකරගත් පොදු එකඟතාවකට අනුව සහ ඇමෙරිකාවේ අනුදැනුම මත එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සෞදියේ සහායට පැමිණ සිටී.

ඒඩන් නුවර ගුවන්තොටුපොළ හවුති සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට එක්සත් අරාබි එමීරයේ කුලීහේවායින් සමත් වීම ඔවුන් ලැබූ ලොකු ජයග්‍රහණයක් බව ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS