එමීරයට බහරේනයට එරෙහිව කටාරය



එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය ගුවන් යානා නිරන්තරයෙන් තම ගුවන් කලාපය හරහා ගොස් ගුවන් කලාප උල්ලංඝනය කරන බවට කටාරය විසින් එක්ස්ත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ලිඛිතව පැමිණි කර ඇත.

මෙම රටවල් විසින් තම ගුවන් කලාප අමු අමුවේ උල්ලංඝනය කරන බව දන්වමින් දෝහා බලධාරීන් විසින් පෙරේදා ලිපියක් යවමින් මෙම නිල දැනුම් දීම කර ඇත.

තත්‍රස්තක්‍රියා වලට උඩගෙඩි දෙන බවට චෝදනා කරමින් ඉකුත් වසරේදී  එමීරය , බහරේනය, සෞදිය ඇතුළු ගල්ෆ් සහයෝගිතාවයේ සාමාජික රටවල් කටාරය කොන් කර තිබියදී එම රටවල් වලින් කිහිපයක් මෙලෙස කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවද දෝහා බලධාරීන් කියා සිටිති.

ඉකුත් 25 වැනිදා එමීරයේ ගුවන්යානයක් ද , 28 වැනිදා බහ⁣රේන ගුවන් යානයක්ද තම ගුවන් කලාප උල්ලංඝනය කළේ යැයිද කටාරය කියා සිටී.

(තිළිණි ද සිල්වා )

අල් ජසීරා ඇසුරෙනි.


RECOMMEND POSTS