එමිරේට්ස්-කටාර් තැපැල් සේවය නැවතත්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය අතර තැපැල් සේවය යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ගල්ෆ් රටවල් කීපයක් අතර පවතිනදේශපාලන අර්බුද හේතුවෙන් එමිරේට්ස්-කටාර් තැපැල් සේවය වසර තුනකට ආසන්න කාලයක් අත්හිටුවා තිබු අතර පෙබරවාරි 09 දින යළි ආරම්භ කර ඇත.

ඕමානය හරහා පෙබරවාරි 9 වන දින එමිරේට්ස්-කටාර් තැපැල් සේවය ආරම්භ කළ බව එමිරේට්ස් තැපැල් සේවය තැපැල් සමාගම් වෙත නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS