එමිරේට්ස් ඔත්තුකරුවන් තුර්කියේදී අත්අඩංගුවට
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලූ දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් දෙදෙනා මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනයට සම්බන්ධ බවත් තුර්කිය කියයි.
සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සිදුවූයේ පසුගිය ඔක්තෝබර් මාසයේය. එය සිදුවූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය.
ඝාතනය සිදු කළේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ නියෝගය පරිදි යැයි සැක කෙරේ. කශොග්ජීගේ සිරුර තවමත් හමුවී නැත. එය රසායන දියර යොදා විනාශ කරන්න ඇතැයි පැවැසෙයි.
(අල් ජසීරා)