එමිරේටයට වැලි කුණුටුවක්



සුළං සහිත වැලි කුණාටු තත්ත්වයක් ඉදිරි දින කීපයේදි රටපුරා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව එක්සත් අරාබි එමිරේට්ස් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු අඟවනවා.

කාළගුණික තත්ත්වය යහපත්ව පවතින අතර සමහර අවස්ථාවන් වලදී අර්ධ වශයෙන් වළාකුළු වලින් බරව පවතී.

අර්ධ වශයෙන් වළාකුළු පවතින විටදී සුළං වර්ධනය වී සුළං සමඟ වැලි කුණාටු තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින අතර මාර්ගය නිසි ආකාරයෙන් දර්ශනය නොවීමට ඉඩ ඇති බැවින් විමසිලිමත්ව රිය ධාවනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේය.

රාත්‍රී කාලයේදි සහ අළුයම් කාලයේ මුහුදු බඩ ප්‍රදේශ වල සහ රට අභ්‍යන්තරයේ ආර්ද්‍රතාවය වැඩිවන අතර උතුරු ප්‍රදේශ වල මීදුම්ඇතිවීමේ හැකියාවක් පවතියි.

අරාබියන් ගල්ෆ කලාපයේ ඇති මුහුද රළු විය හැකි අතර ඕමානය ආශ්‍රීත මුහුද තරමක රළු ස්භාවයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කල අතර වැලි සහිත කුණාටු තත්ත්වයට මුහුණ දීම සඳහා ආරක්ෂිත පියවරයන් අනුගමණය කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අරාබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS