එකට සේවයේ



කුවේට් හමුදා සෙබළියන් සෙබළුන් සමඟ එකට සේවයේ යෙදවීම සඳහා අධ්‍යයනය කරමින් සිටින බවත් අධ්‍යයනයෙන් පසු සේවයේ යොදවනවාද නැද්ද යන්න තීරණය කරන බව කුවේට් පළමු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂයික් නසීර් අල්-සබා ප්‍රකාශ කළේය.

කුවේට් අමීර්,ෂෙයික් සාබා අල්-අහමඩ් අල්-ජබිර් වෙත යොමුකර අනුමැතිය ලබාගැනීමෙන් පසු හමුදා සෙබළියන් සෙබළුන් සමඟ එකට සේවයේ යෙදවිය හැකි බවත්, ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝගයන්ට ක්‍රමවත් සැළැස්මකින් යුතුව හමුදාව සුදානම් කළ යුතු කාලය පැමිණ ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS