එ.ජා. සංවිධානයේ 200 කොරෝනා



සිරියාවේ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 200 කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

සිරියාව තුල වේගයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තු වීම හේතුවෙන් කොරෝනා වෛරසයෙන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව ගෝලීය ආයතන සිරියාව තුල කටයුතු කරමින් සිටියි.

එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙසියයකට වැඩි සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවත්, ඔවුන්ගෙන් සමහරක් රෝහල් ගත කර ඇති බවත්, තිදෙනෙකු වෛද්‍යමය හේතු නිසා ඉවත් කර ගෙන ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අම්මාන් නුවර)

RECOMMEND POSTS