උෂ්ණත්වය අඩුවෙයි



කුවේටයේ උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ යමින් ඇති බව කු‍වේට් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මුහුදුබඩ ප්‍රදේශවල ආර්ද්‍රතාවය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර මාර්ගවල මෝටර් රථ ධාවනය කිරීමේදි වඩාත් ආරක්ෂාකාරී වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සුළගේ වේගය පැයට කිලෝමීටර් 15-45 වන බවත් උපරිම උෂ්ණත්වය සෙල්සියන් අංශක 46-48  සහ අවම උෂ්ණත්වය සෙල්සියන් අංශක 30-33වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(කුවේට් ටයිම්ස්)


RECOMMEND POSTS