උපන් ඇඳුමින් පාරේ ගිහින්



බහරේනයේ අධිවේගි මාර්ගයක කාන්තාවක් නිර්වස්ත්‍රව ගමන් කර ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 32ක් වන ඉතාලි කාන්තාවක් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසු නිර්වස්ත්‍රව අධිවේගි මාර්ගයේ ගමන් කර ඇති බවට මුලික විමර්ෂණවලදී අනාවරණය කර ගෙන ඇත.

අධිවේගි මාර්ගයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.  

නීතිමය කටයුතු සිදුකිරීම සඳහා ඉහළ අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

තමා අතින් සිදු වු වරදට සමාව ලබාදෙන ලෙස ඉතාලි කාන්තාව විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මැනමා නුවර)

RECOMMEND POSTS