උද්ඝෝෂකයන් පිරිසක් තුර්කි පාර්ලිමේන්තුව වටකරයි



තුර්කි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විරෝධය පළ කරන උද්ඝෝෂකයන් පිරිසක් විසින් ඊයේ තුර්කි පාර්ලිමේන්තුව වටකරනු ලැබීය.

කැරළි මර්දන පොලිසිය සිය ගණන් විරෝධතාකරුවන් ව එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබුවා.යෝජිත ප‍්‍රතිසංස්කරණය මගින් ජනපති තයිප් එර්දෝගන්ගේ බලතල වැඩිකිරීමට නියමිතයි.

ප‍්‍රධාන විපක්ෂය, රාජ්‍ය නොවන සංවිධාන සහ රටේ සිවිල් ව්‍යාපාරය මේ සඳහා දැඩි විරෝධයක් පළ කර සිටී.කෙසේ නමුත් පොලිසියෙන් සිදුකළ වැටලීම හමුවේ විරෝධතාකරුවන්ට පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ඇතුල්වීමට නොහැකිවිණි.

එළඹෙන වසන්ත සමයේදී මෙම යෝජිත ප‍්‍රතිසංස්කරණ ජනමත විචාරණයට ලක් කිරීමට නියමිතයි.

 


( තිළිණි ද සිල්වා ) 
බී.බී.සී ඇසුරෙනි.....

 


RECOMMEND POSTS