ඊශ්‍රායල් ගුවන්යනාවලට සෞදියේ අනුමැතිය



සෞදිවලට වසර 70 කට පසු ඊශ්‍රායල් ගුවන් සේවාවට අයත් වානිජ ගුවන් යානා සදහා සිය ගුවන් කලාප හරහා පියාසර කිරීමට සෞදි රජය අවසර ලබා දී ඇත.

ඒ අනුව සතියකට තෙවරක් නවදිල්ලියේ සිට ඊශ්‍රායල් හි අගනුවර වන ටෙල් අවිව් වෙත පියාසර කරන වානිජ ගුවන් යානා වෙත මෙම අවසරය ලබා දීමට එරට රජයේ බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම අවසරය ලැබීමත් සමග ඊශ්‍රායල් ධජය සහිත වානිජ ගුවන් යානා මෙන්ම ඉන්දීයාවේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානා සෞදි ගුවන් කලාපය හරහා ටෙල් අවිව් වෙත සෘජු ගමනාන්තයක් කරා පියාසර කරනු ලබයි.

මී⁣⁣ට වසර 70 කට පෙර ඊශ්‍රායල් ධජය සහිත ගුවන්යානා වලට සෞදි ගුවන තහනම් කලාපයක වූ අතර ඉන්දීය අගමැති සහ ඊශ්‍රායල් අගමැතිවරැන දෙපල දෙරටේ සිදු කල නිල සංචාරයන් වලින පසුව මෙම අවස්ථාව හිමිවී ඇත.

( තිළිණි ද සිල්වා )

අල් ජසීරා ඇසුරෙනි.


RECOMMEND POSTS