ඊශ්‍රායලයේ චීන තානාපති මැරිලා



ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර චීන තානාපති ඩූ වෙයි මියගොස් ඇති බව ඊශ්‍රායල පුවත් සේවා වාර්තා කරයි.

57 හැවිරිදි ඩූ වෙයි ඊශ්‍රායලයේ චීන තානාපති ලෙස රාජකාරි බාරගෙන ඇත්තේත්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පදිංචියට පැමිණ ඇත්තේත් පසුගිය පෙබරවාරියේය.

ඩූ වෙයිගේ මළසිරුර හමුවී ඇත්තේ ඔහුගේ නිල නිවසිනි. නිල නිවස ඇත්තේ ටෙල් අවීව් නුවරින් පිටතට වන්නටය. ඩූ වෙයිගේ බිරිඳ සහ පුත්‍රයා සිටින්නේ චීනයේය. ඩූ වෙයි මීට පෙර යුක්රේනයේ චීන තානාපති ලෙස කටයුතු කර ඇත.

මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායල පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, චීන පොලිසියේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට ඊශ්‍රායලය බලා ගොස් ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS