ඊශ්‍රායලය ඇමෙරිකාවෙන් එෆ් 35 යානා මිලදී ගනී



ඇමෙරිකාවේ ලොකීඞ් මාටින් සමාගමේ එෆ් 35 වර්ගයේ ප්‍රහාරක යානා 17 ක් මිලදී ගැනීමට ඊශ්‍රායල රජය සූදානම් වෙයි.
ඊශ්‍රායල ගුවන් හමුදාවට අලුතින් මෙම යානා 17 එක් වූ පසු, ඔවුන් සතුවන ප්‍රහාරක ජෙට් යානා සංඛ්‍යාව 50 ක් වනු ඇතැයි ද පැවැසෙයි.
ඊශ්‍රායල රෙජීමයේ ඊයේ (27) ආරක්ෂාව කැබිනට් මණ්ඩලයේ විශේෂ හමුවක් පැවැත්වුණු අතර, අලුතින් ප්‍රහාරක යානා 17 ක් මිලදී ගැනීමට එහිදී සැවොම ඒකමතිකව තීරණය කළේය.
අලුතින් එක්වන මෙම ප්‍රහාරක යානා සමඟ ගුවන් හමුදාවේ ශක්තිය තවත් වැඩි වනු ඇති බවත්, ගුවන් හමුදා සේනාංක දෙකක් අලුතින් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවත් ඊශ්‍රායලය පවසයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS