ඊශ්‍රායලය අපේ ඉඩම් අල්ලන් ඉවරයි



ඊශ්‍රායලය දැනටමත් තම ඉඩම් අල්ලාගෙන අවසන් බව ජෝර්දාන නිම්නයේ වෙසෙන පලස්තීනුවෝ පවසති.

මේ බව පවසා ඇත්තේ රාස් අයින් අල් අයුජා නමැති කුඩා පලස්තීන ගම්මානයේ වැසියන්ය. මෙම ගම්මානයේ 350 ක පිරිසක් ජීවත් වන අතර ඔවුන් පවසන්නේ ඔවුන්ගේ ගම්බිම් සහ වගාබිම් මේ වනවිටත් ඊශ්‍රායලයට එක්කරගෙන අවසන් බවය.

ඊශ්‍රායල මහ මැතිවරණය ලබන සතියේ පැවැත්වෙයි. ඒ, බහුතර බලයක් නොමැතිව ආණ්ඩුව පවත්වා ගෙන යෑමට අගමැති  නෙදන්යාහුට නොහැකි වූ බැවිනි.

ඊශ්‍රායල අගමැතිවරයා පසුගිය දා කියා සිටියේ තමන් යළි අගමැති ධුරයට පත්වුවහොත්, මළ මුහුදට උතුරු දෙසින් ජෝර්දාන් නිම්නයේ සහ බටහිර ඉවුරේ බටහිර දෙසින් ඇති පලස්තීනුවන් වාසය කරන පළාත් ඊශ්‍රායලයට එක් කර ගන්නා බවය. මෙය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේට්ස්ගේ පවා විරෝධයට හේතුවක් වී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS