ඊශ්‍රායල හමුදා සිරියාවේ ඉලක්ක දෙකකට පහර දෙයි



 

 

ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ඊයේ (30) උදෑසන සිරියාවේ ස්ථාන දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කළේය.
හමුදාව පහර දුන්නේ සිරියාවේ ඩමැස්කස් අගනුවර සිට දේශසීමාව හරහා ලෙබනනයේ බීරූට් අගවනුවර තෙක් විහිදෙන අධිවේගී වාර්ගයේ ස්ථාන කිඑිපයකට යැයි ද පැවැසෙයි.
එක් ප්‍රහාරයක ඉලක්කය වී ඇත්තේ සිරියානු රජයේ හමුදාවට අයත් මුරපොළකි. දෙවැනි ප්‍රහාරයෙන් සිරියානු හමුදා රථ පෙළක් විනාශ විය. ප්‍රහාර සඳහා ඊශ්‍රායල රජය භාවිතා කර ඇත්තේ ‘පොපායි’ නමැති මිසයිල යැයි ද පැවැසෙයි.
සිරියානු අර්බුදයට ඊශ්‍රායලය මේ අයුරින් මැදිහත්වීමත් සමඟ එම අර්බුදය තව තවත් උග්‍ර අතට හැරෙනු ඇතැයි යුද විශ්ලේෂකයෝ බිය පළ කරති. ඊශ්‍රායලය ද ඇමෙරිකාව මෙන්ම සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් සහ ඔහුගේ රජයට විරෝධය පළ කරති.

RECOMMEND POSTS