ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණය අරැඹේ



ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (9) ආරම්භ වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ ඊශ්‍රායලය පාර්ලිමේන්තුවේ (කෙනැසෙට්) ආසන 120 වෙනුවෙනි.

අද (9) ආරම්භ වන්නේ ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුවේ 21 වැනි මහ මැතිවරණයයි. ආසන 61 ක බහුතරයක් දිනා ගන්නා පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවන අතර එම පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත් වෙයි.

අගමැති බෙන්ජමින් නෙදන්යාහු නියෝජනය කරන්නේ දක්ෂිණාංශික අදහස් ඇති ලයිකුඞ් පක්ෂයයි. ඔහු පස්වැනි ධුර කාලය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙයි.

දූෂණ වංචා චෝදනාවලට ද ලක් වී සිටින අගමැති නෙදන්යාහුට අභියෝගයක් එල්ල වනු ඇත්තේ මධ්‍යස්ථ මතධාරී බෙනී ගෙන්ට්ස්ගෙනි. මොහු ඊශ්‍රායලයේ හිටපු හමුදාපතිවරයෙකි. නියෝජනය කරන්නේ නිල් සහ සුදු පක්ෂයයි. මෙම පක්ෂය ඊශ්‍රායලයේ හිටපු මුදල් ඇමැති සහ රූපවාහිනී නිවේදක යාරී ලපිඞ් සමඟ සන්ධානගතවී මැතිවරණයට ඉදිරිපත් වෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS