ඊශ්‍රායල අගමැතිට ‘රතු පලස’ දාන්නේ නෑ



ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර යැයි පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණයෙන් පසු, හටගත් අර්බුදය ගැන සලකා බලා ඉන්දියාවේ සිවු දින නිල සංචාරයක් සඳහා ලබන ජනවාරියේ එරටට පැමිණෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු වෙනුවෙන් රතු පලස යොදා පිළිගැනීමක් පවත්වන්නේ නැතැයි ඉන්දීය රජය කියයි.

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණෙන්නේ ලබන මස 16 වැනිදාය. ඉන්දියාව ඊශ්‍රායලය සමඟ මෙන්ම පලස්තීනය සමඟ ද යහපත් සබඳතා පවත්වාගෙන යයි.

කෙසේ නමුත් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර යැයි ට්‍රම්ප් පරිපාලනය පිළිගැනීමට කටයුතු කිරීම පමණක් නොව, ඉන්පසු මැදපෙරදිග කලාපයේ නිර්මාණය වුණු නව අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි කණස්සල්ලට පත් වී සිටී.

ඇමෙරිකා ජනාධිපති ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති ඡන්ද විමසුමේදී ඇමෙරිකාවට එරෙහිව ඡන්දය දුන් රටවල් අතර ඉන්දියාව ද සිටී.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS