ඊජිප්තුවෙන් සන්නිවේදන චන්ද්‍රිකාවක්



ඊජිප්ත්තුව සන්නිවේදන චන්ද්‍රිකාවක් කක්ෂගත ගත කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

රජයට සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවශ්‍ය සන්නිවේදන සේවා සැපයීමේ අරමුණින් “TIBA-1’’ නැමති චන්ද්‍රිකාව ගුවන් ගත කරයි.

චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසු, ඊජිප්තුව, උතුරු අප්‍රිකානු රටවල් කීපයක් සහ නයිල් ද්‍රෝණියේ රටවල් සම්පූර්ණයෙන්ම ආවරණය කිරිමට හැකියාව ලැබෙයි.

චන්ද්‍රිකාව නිර්මාණය කිරිමේ කටයුතු ප්‍රංශ සමාගමක් භාරව කටයුතු කරනඅතර ඊජිප්තුවේ ගම්බද ප්‍රදේශවලට විදුලි සංදේශ යටිතල පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් ලබා දීම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණවී ඇත.

“TIBA Sat’’ නමින් චන්ද්‍රිකා කීපයක් ඉදිරියේදි කක්ෂගත කිරීමට ඊජිප්තුව සැළසුම් කර ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS