ඊජිප්තුවට යළිත් සෞදි ඇරැම්කෝ සමාගමේ ඉන්ධන




සෞදි අරාබියේ රාජ්‍ය තෙල් සමාගම වන ඇරැම්කෝ සමාගම නැවත ඊජිප්තුවට ඉන්ධන යැවීම ආරම්භ කර ඇත.

මීට මාස පහකට සෞදියෙන් ඊජිප්තුවට යැවීම හදිසියේම නවතා දමන ලදි.

සෞදියෙන් ඉන්ධන නිෂ්පාදන ආනයනය කිරීම සම්බන්ධයෙන් කාල සටහනකට අනුව කටයුතු කරන බව සඳහන් ඊජිප්තුවේ ඛනිජ තෙල් අමාත්‍යාංශය පැවැසීය.

ගෝලීය ඉන්ධන මිල ගණන්වලට සම්බන්ධ වාණිජ හේතු සහ තෙල් නිෂ්පාදනය අඩුවීම පසුගිය නොවැම්බරයේදී හදිසියේම ඉන්ධන නිෂ්පාදන ඊජිප්තුවට යැවීමට හේතු වී තිබේ.

මේ අනුව පසුගියදා සෞදි අරාබිය සහ ඊජිප්තුව ඇමෙරිකා ඩොලර් බිලියන 23ක ගිවිසුමකට එළැඹුණි. පිරිපහදු කරන ලද මසකට ඉන්ධන නිෂ්පාදන ටොන් 700,000 වසර පහක කාලයක් සඳහා යන කරුණුද ගිවිසුමට ඇතුළත් කිරීමට ඊජිප්තුව කටයුතු කර ඇත.

රොයිටර්


RECOMMEND POSTS