ඊජිප්තු බෝට්ටු අනතුරේ තවත් සිරුරු හමුවේ



පසුගිය සතියේදී ඊජිපත්තුව ආසන්න මුහුදේදී ගිලීගිය බෝට්ටුවක සිටි බව කියන පුද්ගලයන් 33 දෙනකුගේ සිරුරු සොයාගත් බව බලධාරීහූ පවසති. 

මෙම බෝට්ටුව සරණාගතයන් රැගත් බෝට්ටුවක් යැයි ද මධ්‍යධරණී මුහුද ආසන්නයේදී බෝට්ටුව ගිලී ගොස් ඇතැයි ද වාර්තා වේ. බෝට්ටුවේ ගිලෙන අවස්ථාවේ එහි 200කට වැඩි පිරිසක් සිට ඇති බවත් ඔවුන් සියලු දෙනා මිය යන්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 

මෙම බෝට්ටුව ගිලී ගොස් ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 21 වැනිදාය. පුද්ගලයන 169කු බේරාගත් බව මුදාගැනීමේ නිලධාරීන් හා ධීවරයන් පවසා තිබූ කොතරම් පිරිසක් අතුරුදන්ව ඇත් ද මියගොස් ඇත්  ද යන්න තවමත් නිශ්චිත නැතැයි ද වාර්තා විය.

මෙම බෝට්ටුවේ 450කට ආසන්න පිරිසක් සිටින්නට ඇතැයි ද 300කට ආසන්න පිරිසක් මිය යන්නට ඇතැයි ද සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි. 

කෙසේ නමුත් මෙම බෝට්ටුවේ 600කට ආසන්න පිරිසක් සිටින්නට ඇතැයි ඊජිප්තු බලධාරීහූ සඳහන් කරති. 


RECOMMEND POSTS