ඉස්ලාමීය සහයෝගීතාවයෙන් සෞදියට පැසසුම්



2019 වසරේ හජ් වන්දනා සමය සාර්ථකත්වය අවසන් කිරීම පිළිබඳව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය ප්‍රශංසා කර ඇති බව වාර්තා වේ.

2019 වසරේ හජ් වන්දනා සමය සාර්ථකව නිමකිරීම පිළිබඳව සෞදි නායකත්වයට,රජයට සහ ජනතාවට ප්‍රශංසා කිරීමට ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්, ආචාර්ය, යූසෙෆ් අහමඩ් අල්-ඔතයිමීන්කටයුතු කරඇත.

“හජ් වන්දනා කටයුතු අවසන් වෙලාසියළුම හජ් වන්දනාකරුවන් තමන්ගේ රටවල් බලා පිටත්ව යනකම් අවශ්‍ය සියළුම පහසුකම් සැපයීමටසෞදි රජු, සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්, සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක ඇමති, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස්, සියළුම රජයේ නිලධාරීන් සහ සෞදි ජනතාව කටයුතු කරලා තියනවා, ඔවුන් වන්දනාකරුවන්ට සැපයු සේවාවන් ඉතා විශිෂ්ටයි.’’ යනුවෙන් මහලේකම්වරයා ප්‍රකාශ කළේ ය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS