ඉල්ලා අස්වෙන්නේ නැතිලු



කුවේට් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් කීපදෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් කුවේට් කථානායක, මර්ෂූක් අල්-ගානිම් ප්‍රකාශ කර ඇති බව කුවේට් මාධ්‍යය වාර්තා කළේය.

“මෙවැනි ආකාරයේ පදනම් විරහිත ප්‍රවෘත්ති වරින් වර අපිට අහන්නට ලැබෙනවා, ඇත්තටම ගණන්ගත යුතු දෙයකුත් නෑ’’ යනුවෙන් මාධ්‍යය හමුවක් අමතමින් කුවේට් කථානායකවරාය ප්‍රකාශ කර ඇත.    

ප්‍රවෘත්තියට සම්බන්ධ අමාත්‍යවරුන් පාර්ලිමේන්තු සැසිවාර කීපයකට සහභාගි වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS