ඉල්ලා අස්වීම බාර ගන්න බෑ කියලා



තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිසාන් සොයිලූ දැඩි ජනතතා විවේචන මැද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වූ නමුත් ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ඊට විරෝධය පළ කළේය.

‘කොවිඞ් 19’ වයිරස වසංගත තත්ත්වය හේතුවෙන් තුර්කියේ ප්‍රධාන නගර ඇතුළු නගර රැසකට අඳිරි නීතිය පැනැවීමට අමාත්‍ය සුලෙයිසාන් සොයිලූ කටයුතු කළේය. ඒ, සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් මැද වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමටය.

කෙසේ නමුත් මෙය ජනතාවගේ දැඩි විරෝධයට හේතුවක් වූ අතර, අමාත්‍ය සුලෙයිසාන් සොයිලූ ට විවේචන එල්ල වන්න විය. අමාත්‍යවරයා තම උපදෙස් මත කටයුතු කරන බවත්, ඔහු උත්සහ ගන්නේ වයිරස ව්‍යාප්තිය වැළැක්වීමට බවත් ජනාධිපති එර්දොවාන් පෙන්වා දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS