ඉරානයේ කොරෝනා ආසාදිතයන් වැඩිවෙයි



ගතවුණු පැය 24 ඇතුළත මරණ 113 ක් වාර්තා වීමත් සමඟ ඉරානයේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 724 තෙක් ඉහළ ගොස් ඇත. කොරෝනා ආසාදිතයන් ගණන 13,938 ක් ලෙස වාර්තා වෙයි.

වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් නිරෝධායන ක්‍රම සහ ආරක්ෂිත ක්‍රම රැසක් අනුගමනය කළ බව ඉරාන රජය පවසා ඇත.

මේ වනවිට ඉරාක පාර්ලිමේන්තුවේ සියයට 10 කට කොරෝනා ආසාදනය වී ඇත. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී සහ ඉරාන ජනාධිපති එසන් රොව්හානී වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළේ යැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS