ඉරානයේ එක් දිනක කොරෝනා මරණ 85 ක්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයෙන් මරණ 514 ක් වාර්තා වේ. ඉරානයේ කොරෝනා ආසාදිතයන් ගණන 11,364 කි.

ඊයේ (13) දිනයේ පමණක් ඉරානයෙන් කොරෝනා ආසාදිතයන් 85 දෙනකු වාර්තා විය. එක් දිනක් ඇතුළත ඉරානයෙන් කොරෝනා ආසාදිතයන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

චීනයෙන් පිට කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිර යන දෙවැනි රට ලෙස ඉරානය සැලකෙයි. ඉරාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරන්නේ, මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බවත් ඉරාන රජය එය වසං කරන බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS