ඉරානයෙන් වීරවරියක්



ඉරානයේ පැවැත්වෙන විරෝධතාවයන් අතරතුර ඉරාන කාන්තාවක් සාම්ප්‍රදායික හිජාබ් ඇඳුම ඉවත් කර විරෝධතාව දැක්වීම හේතුවෙන් විරෝධතාකරුවන් ඇය වීරවරියක් ලෙස සලකන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

1979 සිට ඉරාන කාන්තාවන්ට හිජාබ් ඇඳුම ඇඳිම අනිවාර්ය කර ඇති අතර ප්‍රතික්ෂේප කරන කාන්තාවන්ට ඉරාන නීතිය අනුව දඩුවම් හිමි වේ.

විරෝධතාවය දැක් වු කාන්තාව මෙතෙක් අත්අඩංගුවට නොගත් බව ඉරාන පොලීසිය ප්‍රකාශ කළේය.

ඇයගේ ඡායාරූප ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය තුල පළ කිරීමත් සමඟ ඇයට සහය දක්වමින් විශාල පිරිසක් කැමැත්ත දක්වා ඇති අතර ඇයව ධෛර්යමත් කරමින් ප්‍රශංසාත්මකව අදහස් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(මිරර් වෙබ් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS