ඉරාන විදේශ ඇමැති උතුරු කොරියාවට



ඉරාන විදේශ ඇමැති ජාවද් සරීෆ් උතුරු කොරියාවට ගොස් නායක කිම් ජොන් උන් හමුවීමට සූදානම් බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන විදේශ ඇමැතිවරයාගේ මෙම සංචාරයට දිනයක් යොදා ගෙන නොමැති නමුත් එය කඩිනමින් සිදුවනු ඇති බව ද පැවැසෙයි.

ඉරානය මේ වනවිට ඇමෙරිකා සම්බාධක හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. ඉරාන විදේශ ඇමැතිවරයා උතුරු කොරියාවට යෑම ඇමෙරිකාවේ නොසතුටට හේතුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS