ඉරාන උත්තරිතර නායකයාටත් සම්බාධක



ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනී ඉලක්ක කර ගනිමින් ද සම්බාධක පැනැවීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට දිගට හරහට නව සම්බාධක පැනැවීමට සූදානම් වන්නේ, ඉරානය ඇමෙරිකන් ඩ්‍රෝන යානාවක් පහර දී බිම හෙළීමේ සිදුවීමෙන් පසුවය.

ට්‍රම්ප්ගේ නව සම්බාධක සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායකයා පවසා ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ‘යුද පිපාසයකින්’ පෙළෙන බවත් ඉරානය යුද්ධයකට පොළොබවා ගැනීමට උත්සාහ ගන්නා බවත්ය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS