ඉරාක කථානායක සුවදුක් විමසයි



කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභාගේ සුවදුක් ඉරාක කථානායකයා විමසා ඇති බව වාර්තා වේ.

සාර්ථක වෛද්‍ය පරීක්ෂණයකින් පසු කුවේට් නායකයා සුවය ලබා ඇති අතර සෞඛ්‍ය තත්ත්වය විමසීමට කථානායක,මොහොමඩ් අල්-හල්බුසිදුරකථනයෙන් ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභාට කථා කර ඇත.

සුවදුක් විමසීම සම්බන්ධයෙන් කුවේට් නායකයා ඉරාක කථානායකවරයාට ස්තූතිය පළ කර ඇත.

ඉරාකයේ අල්-හික්මා පක්ෂයේ ප්‍රධානී,අම්මර් අල්-හකීම්ද දුරකථනයෙන් කථා කර කුවේට් නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය විමසා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS