ඉරාක අගමැතිගේ අප්‍රසාදය



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඉරාන කුද්ස් හමුදා බළඇණියට නායකත්වය දුන් මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් ඉරාකයේ භාරකාර අගමැති අබ්දෙල් අබ්දුල් මහ්දී සිය අප්‍රසාදය පළ කර ඇත.

ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා සුලෙයිමාන් ඝාතනය කළේ මිසයිල ප්‍රහාරයකිනි. එම මිසයිල ප්‍රහාරයෙන් ඉරාක හමුදාවේ ආධාරක බළඇණියක් වන හෂ්ද් අල් ෂාබී සන්නද්ධ සංවිධානයේ නායක අබු මහ්දි අල් මුහන්දිස් ද ජීවිතක්ෂයට පත් විය.

ඉරාකයේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සහ අල් කයිඩා යන ත්‍රස්ත සංවිධාන සාර්ථක අයුරින් මර්දනය කිරීමට සමත් වූයේ ඉරාන කුද්ස් හමුදා බළඇණිය සහ හෂ්ද් අල් ෂාබී සන්නද්ධ සංවිධානයෙන් ලැබුණු සහාය නිසා යැයි භාරකාර අගමැති අබ්දෙල් අබ්දුල් පෙන්වා දෙයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි එල්ල කෙරුණු එම මිසයිල ප්‍රහාර ඉරාකයේ ස්වෛරීත්වය කෙළසීමක් යැයි ප්‍රහාරය හෙලා දකිමින් භාරකාර අගමැති අබ්දෙල් අබ්දුල් වැඩි දුරටත් පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS