ඉන්දුනීසියානුවා උඩු ගුවනේදී මියයයි



ඕමානයේ මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොලෙන් ගුවන්ගත කරන ලද ඕමාන් ගුවන් සමාගමට අයත් WY 0849 ගුවන්යානයේ සිටි ඉන්දුනීසියානු ගුවන් මගියෙකු ගුවන්යානය තුලදීම මියගොස් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ගුවන් යානය ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන්තොටුපොල දක්වා සියාසර කිරීමට කිරීමට නියමිතව තිබී ඇත. 

ගුවන් මගියාගේ අභාවය පිළිබදව ඕමාන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ට සාතිශය සංවේගය ප්‍රකාශ කොට ඇත. 

ගුවන් මගියා මිය යෑමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ නැත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS