ඉන්දියාව ඇමෙරිකාවට දෙහි කපයි



ඉරානය සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුණු ඇමෙරිකාව, ඉරානයට වෙළෙඳ සහ ආර්ථික වශයෙන් සම්බාධක පැනැවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඉන්දියාව කියයි.

ඉන්දීය රජය වෙනුවෙන් මේ බව කියා සිටියේ එරට විදේශ ඇමැතිනී සුෂ්මා ස්වර්ාජ්ය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකාව එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව කනගාටුවන බව ද ඉන්දීය විදේශ ඇමැති සුෂ්මා ස්වරාජ් වැඩි දුරටත් කියා සිටී.

ඉන්දියාව, ඔවුන්ගේ තෙල් වැඩිපුර මිල ගැනීම සිදු කරන්නේ, ඉරානයෙනි. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනැවීම ඉන්දියාවට ඔවුන්ගේ තෙල් මිලදී ගැනීම ගැටළුවක් වෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS