ඇෆ්රින් පළාතට ෂෙල් වෙඩි



සිරියාවේ ඇෆ්රින් පළාතේ කුර්දි බෙදුම්වාදී ත්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් තුර්කිය ෂෙල් වෙඩි ප්‍රහාර ආරම්භ කර ඇති බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය කියයි.

තුර්කි හමුදා ඇෆ්රින් පළාත මුළුමනින්ම වට කළේ මීට දින කිහිපයකට පෙරය. මෙම පළාත පිහිටා ඇත්තේ සිරියාවේ උතුරිනි. ඇෆ්රින් පළාතේ පාලනය ඇත්තේ කුර්දි ත්‍රස්තවාදීන් සතුවය. සිරියානු රජයට ඇෆ්රින් පළාතේ කිසිදු බලයක් නැති බව ද පැවැසෙයි.

ඇෆ්රින් පළාතේ කුර්දි ත්‍රස්තවාදීන්ගෙන් තුර්කිය ඉල්ලීමක් කර ඇත්තේ යටත් වන ලෙසය.

තුර්කිය සිදු කළ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සහ ගුවන් ප්‍රහාරවලින් 20 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණැයි ද ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය පවසා ඇත. තුවාල ලබා ඇතැයි පැවැසෙන ගණන 30 කි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS