ඇවෙන්ජර්ස් වෙනුවෙන් බර්ජ් කලීෆා



ලොව පුරා කවුරුත් මහත් ආසාවෙන් සහ බලාපොරොත්තුවෙන් සිටි ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටයේ පළමු කොටස ඊයේ (27) ලොව පුරා තිරගත වීම් ඇරැඹිණි.

චිත්‍රපටයට ප්‍රසිද්ධියක් දෙමින්, එහි මංගල දර්ශනය වෙනුවෙන් ලොව විශාලතම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා කුලුන ද වර්ණවත් විය.

ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටයට පාදක වන්නේ විශ්වය ආරම්භයේ දී බිහිවුණු විවිධ වර්ණයෙන් සහ බලසම්පන්න මැණික් ගල් පහක් සහ ඒවා එකතු කරන තේනෝස් නමැති නපුරු ටයිටන්වරයාගේ කතාවය.

බර්ජ් කලීෆා කුලුන මෙම මැණික් ගල්වල වර්ණයෙන් වරණවත් වුණු අතර එය දැක ගැනීමට ඇවෙන්ජර්ස් රසික රසිකාවියන් පමණක් නොව, ඩුබායි වැසියෝ ද යුහුසුළු වූහ.

(හොලිවුඞ් පුවත්)


RECOMMEND POSTS