ඇමෙරිකාවෙන් තුර්කියට නව සම්බාධක



තුර්කිය රුසියාවෙන්  මිලදී ගැනීමට සූදානම් වන එස්. 400 වර්ගයේ මිසයිල පද්ධතිය සම්බන්ධයෙන් විරෝධය දැක්වීමක් ලෙස ඇමෙරිකාව තුර්කියට සම්බාධක පැනවීමට සූදානම් වෙයි.

පසුගිය දා ජපානයේ ඔසාකා නුවර පැවැත්වුණු ‘ජී20’ සමුළුවේදී ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතර හමුවක් පැවැත්වුණු අතර, එස්. 400 මිසයිල පද්ධතිය ගැන එහිදී සාකච්ඡා කෙරුණි.

එම හමුවේදී තුර්කි ජනාධිපතිවරයා ඇමෙරිකා ජනාධිපතිට සහතික වූයේ එම ගනුදෙනුව ඇමෙරිකාවට අවාසියක් නොවන අයුරින් සිදු කරන බවය. ඇමෙරිකාව සම්බාධක පැනැවීමට පියවර ගෙන ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS