ඇමෙරිකාවෙන් අනතුරු



මින් ඉදිරියට කිසිම අවස්ථාවක රසායනික අවි යොදා ගනිමින් පහරදීම් නොකළ යුතු යැයි ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සිරියානු රජයට අවධාරණය කර ඇත.

මේ වනවිට සිරියාවේ රැඳී සිටින ඇමෙරිකා හමුදා සිරියාවෙන් ඉවත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

සිරියානු රජය ඇමෙරිකන් හමුදා සිරියාවෙන් පිටවී ගිය පසු සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් රසායනික අවි යොදා ගනිමින් පහරදීම් කළොත් ඇමෙරිකාව ඊට දළදඬු ආකාරයට ප්‍රතිචාර දක්වනු ඇති බවට ජෝන් බෝල්ටන් සිරියානු රජයට අනතුරු ඇගවීමක් ද කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS