ඇමෙරිකාවට: ප‍්‍රංශයට: බි‍්‍රතාන්‍යයට යුද අපරාධ චෝදනා



යේමන සිවිල් යුද්ධය මුල්කොට ගනිමින්, සෞදි අරාබියට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට සහ ඉරානයට පමණක් නොව ඇමෙරිකාවට, ප‍්‍රංශයට, එක්සත් රාජධානියට ද යුද අපරාධ චෝදනා එල්ල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සිවු වසරක් තිස්සේ ඔඩුදුවන යේමන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වාර්තාව සකස් කර ඇත්තේ මානව හිමිකම් සුරැුකීමේ සංවිධාන, සිවිල් වැසියන්, වෛද්‍ය ආධාරකරුවන් ඇතුළු බොහෝ දෙනකුගෙන් ලබා ගත් තොරතුරු පාදක කර ගනිමින් යැයි ද පැවැසෙයි.

අවි ගැටුම් හේතුවෙන් සහ සෞදිය, එක්සත් අරාබි එමිරේට්ස් ගුවන් හමුදා එල්ල කරන ගුවන් ප‍්‍රහාර හේතුවෙන් යේමන සිවිල් වැසියෝ 7,290 ක් ජීවිතක්ෂයට පත්ව සිටිති. යේමනයේ මිලියන 24 ක පිරිසකගේ උන්හිටිතැන් අහිමිවී ඇත. එය රටේ ජනගහනයෙන් සියයට 80 ක ප‍්‍රතිශතයකි.

යේමනයේ පැවැතියේ සෞදි හිතවාදී රජයකි. එම රජය පෙරළා දමා රජයේ හමුදා සමඟ සටන් වදින්නේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන්ය. මෙම කැරැලිකරුවන්ට ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයේ සහාය හිමිවෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS