ඇමෙරිකාව සමඟ ගැටුමක් නෑ



ඇමෙරිකාව සමඟ කිසිදු ගැටුමක් ඇති කර ගැනීමේ අදහසක් තමන්ට හෝ තම රජයට හෝ නොමැති බව ඉරාක අගමැති අබ්දෙල් අබ්දුල් මහ්දි පැවැසුවේය.

ඉරාක අගමැතිවරයා මෙසේ පැවැසුවේ, ඉරාකයේ කුර්දිස්තාන ප්‍රාන්තයේ කුර්දි නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදීය. ඉරාක ජනාධිපතිවරයා පසුගිය දා කුර්දිස්තානයේ සංචාරයක නියැලුණේය.

කුර්දිස්තානය යනු ඉරාකයේ පිහිටි වෙනම පාලන ප්‍රදේශයකි. කුර්දිස්තානයේ සිටින්නේ කුර්දි වැසියන්ය. වෙනම පාලනයක් පැවැතියත් කුර්දිස්තානය ඉරාකයේ කොටසකි.

ඉරාක ඉරාන සබඳතා වර්ධනය වෙද්දී, ඇමෙරිකන් හමුදාව, ඉරාකයට පැමිණි ඉරාන හමුදා නායක ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කළේය. ඊට පිළිගැනීමක් ලෙස ඉරානය ඉරාකයේ ඇමෙරිකන් කඳවුරු ඉලක්ක කර ගනිමින් පහර දුන්නේය.

ජනරාල් සුලෙයිමානී ඝාතනය කළ අවස්ථාවේදී, ඉරාක අගමැතිවරයා ප්‍රමුඛ රජය එරට පාර්ලිමේන්තුවේ නව යෝජනාවක් සම්මත කළේය. ඒ, ඇමෙරිකාව ඇතුළු සියලු හමුදා එරටින් පිට කිරීමටය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම අවස්ථාවේදී ඉරාක රජයට තර්ජනය කළේ ඇමෙරිකාව පිටවී යන්නේ නම්, ඇමෙරිකාවට ඉරාක රජය වන්දි මුදලක් ගෙවිය යුතු බවටය. එපමණක් නොව, ඉරාකයට නව සම්බාධක පැනැවීමක් කරන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බැග්ඩෑඩයේදීය (රොයිටර්)


RECOMMEND POSTS