ඇමෙරිකා රාජ්‍ය ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්



කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මන් අල්තානි සහ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙකස් ටිලර්සන් අතර විශේෂ සාක්ච්ඡාවක් පැවැත්විණි.

කටාරය හා අනෙකුත් අරාබි කලාපීය රටවල් සමඟ ඇතිවී තිබෙන වත්මන් තත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවද  ඇති වී තිබෙන අයහපත් වාතාවරණය මැදහත්කරැවෙකු වීමට ඇමෙරිකාව කළ යෝජනාව කටාරයේ එමීර්වරයා ප්‍රතික්ෂේප කළ බව කටාර් විදේශ ඇමති ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාට නිල වශයෙන් දැන්වූ බවද සඳහන්ය.

මෙම සාකච්ඡාව දුරකථන සංවාදයක්ද ,නැතහොත් එය වෙනත් ආකාරයක හමුවීමක්ද යන්න කටාර් රාජ්‍යය නිල වශයෙන් හෙළිදරව් කර නොමැත.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS