ඇමෙරිකන් තානාපති කාර්යාලයට කඩා වැදිලා



ඉරාකයේ බැග්ඩෑඞ් නුවර කලහ කරන විරෝධතාකරුවන් ඇමෙරිකන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලට කඩා වැදුණු බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කළ බව ද වාර්තා වේ. කලහකාරී පිරිස් කතළ පහරදීම්වලින් තානාපති කාර්යාල ගොඩනැගිල්ලට හානි සිදුවුණු බව ද පැවැසෙයි.

කෙසේ නමුත් ආරක්ෂාවට සිටි ඇමෙරිකන් සොල්දාදුවන්ට හෝ තානාපති කාර්යාලයේ නිලධාරීන්ට හෝ කිසිදු අනතුරක් සිදු නොවිණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS