ආහාර සුරක්ෂිතා දර්ශකයේ පළමු තැන



කුවේට් රාජ්‍යය අරාබි රටවල් අතුරින් ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයේ ප්‍රථම ස්ථානයත්, ලෝක මට්ටමින් 26වන ස්ථානයත් දිනාගැනීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය මඟින් රටවල් වල ජීවත්වන පුද්ගලයින් පාරිභෝජනය කරනු ලබන ආහාර සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන අතර ආහාර ආරක්ෂිත සුරක්ෂිතතාවය අනුව රටවල් වාර්ෂිකව වර්ගීකරණයකට ලක් කරනු ලබයි.

ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය මඟින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සඟරාවකවර්ෂයට අදාලව රට රටවල්වල ආහාර සුරක්ෂිතතා සම්බන්ධයෙන් විස්තර පළකරනු ලබන බව වාර්තා වේ.

ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයේ අරාබි රටවල් අතුරින් ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය,එමිරේට් රාජ්‍යය,බහාරේනය, ටියුනීසියාව, ඊජිප්තුව, මොරොක්කෝව, ඇල්ජීරියාව, සුඩානය, සිරියාව සහ යේමනය කුවේට් රාජ්‍යයට පසුව පිළිවෙලින් අදාල ස්ථානයන් හිමිකර ගැනීමට සමත් වී ඇතිබව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS