ආසාදිතයන් 35,788යි: 18,726ක් සුවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ආසාදිතයන් 35,788දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය දින කීපයේ ආසාදිතයන් 635 දෙනෙක් වාර්තා වීමත් සමගම ආසාදිතයන් සංඛ්‍යාව 35,788ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේවනවිට පුද්ගලයන් 18,726දෙනෙක් සුවය ලබා ඇති බවත්, අතිරේක කොරෝනා පරීක්ෂණ 30,147  සිදුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

පසුගිය සති දෙක තුළ කොරෝන් පරීක්ෂණ 650,000 කට වඩා සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 269දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS